Thursday, July 5, 2012

java script මුලසිට සරලව - කුප්පි අංක 3

java script කුප්පිය ප්‍රමාද වුන එකට මුලින්ම කණගාටුව ප්‍රකාශ කරන්නවා.. කුප්පි 1 හා කුප්පි 2 බලපු නැති අය මෙතැ නින බලන්න . අනිත් ලිපි ටික හැකිතරම් ඉක්මනට දන්නා කටයුතු කරන්නම්කෝ...එහෙනම් පටන් ගමු අද පාඩම..අද මං බලාපොරොත්තු වෙන්නේ loop ගැන කතා කරන්න.

loop එකක් කියන්නේ එකම දෙයක් යම්කිසි වාරගණනක්, කරගැනීමට බවිත කරන ක්‍රමයක් කියල සරලව කියන්න පුළුවන්,loop ප්‍රදාන වර්ග 3 ක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ තියෙන්නේ ඒ ටික  for loop , while loop හා do while loop....ඒවා පහත ආකාරයට අපිට බාවිත කරන්න පුළුවන්. මෙතැනදී මං කතා කරන්න loop නිර්මාණය ගැන විතරයි script ලියනකොට මේවයේ බාවිතය හොදින් තේරුම් ගන්න පුළුවන්

for loop

<html>
<body>
<script type="text/javascript">
var i;
for (i=0;i<=10;i++)
{
document.write(i)
document.write("</br>")
}
</script>
</body>
</html>

නිල් පාට කොටසින් තමයි loop එක නිර්මාණය වෙන්නේ. මේකේ out put එක තමයි පහල තියෙන්නේ
0
1
2
3
4
5
6
7
8
9
10


ඕනෑම loop එකක ප්‍රදාන කොටස් 4ක් ගැන කතා කරන්න පුළුවන්. ඒ ටික මෙතනදීම හදුන්වල දෙන්නම්.


for (ආදේශය ; තර්කය ; අඩු/වැඩි කරවීම නැතහොත් loop එක ගමන කරවීම )
{
loop එක තුලදී සිදුවිය යුත්ත අඩංගු කේත කොටස
}

ඔන්න ඔය ටික තමයි මුලිකවම දැනගන්න ඕනේ. මේ ටික හැම loop එකකම තියෙනවා
ආදේශය : loop එකෙහි ආරම්භය මෙමගින් සිදු කරයි, මෙය හිස්තැනක් ලෙස  සටහන් කල විට loopඑක ක්‍රියාත්මක නොවේ

තර්කය : loop එකෙහි අවසානය නැතහොත් කොපමණ වරගන්නක් loop විය යුතුද යන්න තීරණය කිරීම මෙහිදී සිදුකරයි, මෙය හිස්තැනක් ලෙස සටහන් කලවිට loop එක  අනන්තය දක්වාම ගමන කරයි  


අඩු/වැඩි කරවීම නැතහොත් loop එක ගමන කරවීම : ++ හෝ -- යන කොටස් මගින් variable වල අගයන් ඉහල නැංවීම කරනු ලබයි.මෙය හිස්තැනක් ලෙස සටහන් කලවිටද  loop එක  අනන්තය දක්වාම ගමන කරයි  


while loop




<html>
<body>
<script type="text/javascript">
var i=0;
while (i<=10)
{
document.write(i)
document.write("</br>")
i++
}
</script>
</body>
</html>
out put එක පහත පරිදි වේ 
0
1
2
3
4
5
6
7
8
9
10

do-while loop

<html>
<body>
<script type="text/javascript">
var i=0;
do{
document.write(i)
document.write("</br>")
i++
}
while (i<=10)
</script>
</body>
</html>

out put එක පහත පරිදි වේ 

0
1
2
3
4
5
6
7
8
9
10
බැලු බැල්මටම මේවයේ out put වල කිසිදු වෙනසක් නැහැ කියල කෙනෙකුට හිතෙන්න පුළුවන් , එක තරමක් දුරට නිවැරදි කියන්න පුළුවන් for loop එක හා while loop එකෙහි ක්‍රියාකාරිත්වය ගොඩක් දුරට සමානයි  නමුත් do while loop එකෙහි ක්‍රියාකාරිත්වය ගොඩක් වෙනස්...එක ගැන මං තව ටිකකින් කියන්නම්  for loop එකේ හදුන්වල දුන්න ප්‍රදාන කොටස් අනිත් loop දෙකේත් තියෙනවා හැබැයි තියෙන තැන  තමයි වෙනස් ඕක තමයි loop වල මුලික වෙනස , loop එකක් ක්‍රියාත්මක වෙන්නේ පහත පියවර අනුව, මං ඒක while loop එක බාවිත කරලා විස්තර කරන්නම්

var i=0;   මේ තියෙන්නේ ආදේශය කියන කොටසයි, මෙතන අගයක් නැත්නම් loop එක මෙතනින් එහාට    ගමන කරන්නේ නෑ. අපි පොතක් කියවනවා වගේ තමයි මේ code browser එක read කරන්නේ. මෙතන අගයක් තියෙනවනම් එතනින් එහාට යන්න පුළුවන් 
while (i<=10) මේ තියෙන්නේ තර්කය මෙතැනදී check කරලා බලනවා variable i වල තියෙන අගය මේ තර්කයට අනුව නිවැරදිද කියල, නිවැරදිනම් මෙතනින් ඉදිරියට යන්න පුළුවන් නැත්නම් loop එකන් පිටතට යනවා ඊටපස්සේ loop ඒකෙන එළියේ තියෙන code තමයි run වෙන්නේ 
{
document.write(i) 
document.write("</br>") තර්කය නිවැරදිනම් මෙතනට එන්න පුළුවන් ඒ කියන්නේ loop එක ඇතුලට එන්න පුළුවන්. මෙතන අපිට ඕනෑම code එකක් ලියන්න පුළුවන් 
i++ මේ තියෙන්නේ අඩු/වැඩි කරවීම නැතහොත් loop එක ගමන කරවීම  මෙතැනදී variable එකෙහි ඇති අගය එකකින් වැඩි කර නැවත loop එකෙහි අරම්බයට ගමන කරයි. යම අවස්ථාවකදී i වල අගය 11 වූ විට තර්කය වැරදි වේ එවිට loop ඒකෙන ඉවත් වේ 
}

ඔන්න ඔය ආකාරයටයි loop එක වැඩ කරන්නේ මං කලින් කිව්වා නේද do while loop එක වෙනස් කියල එකට හේතුව දැන් කියන්නම් . හොදින් බලන්න එහි තර්කය තිබෙන්නේ loop එක අවසානයේදී loop එක තුලදී සිදුවන ක්‍රියාවට අඩංගු code එක තියෙන්නේ ඊට උඩින් ඒ නිසා තර්කය නිවැරදිද යන වග පරීක්ෂාකිරීමට ප්‍රථම එක වරක් output එකක් දී ඇත ...පහල තියෙන code එකෙන් මේ කතාව තේරුම් ගන්න පුළුවන්  

<html>
<body>
<script type="text/javascript">
var i=125;
do{
document.write(i)
document.write("</br>")
i++
}
while (i<=10)
</script>
</body>
</html>

out put එක පහත පරිදි වේ 

125

මොකද උනේ කියල තේරුම් ගන්න පුලුවන්ද? ප්‍රශ්න තියෙනවනම් comment කරන්න. if else ,switch, break & continue හා  massage display මෙන්න මේවත් එක්ක මිලග ලිපියෙන් මුණගැහෙමු...ජය වේවා  !

2 comments:

  1. niyamai macha.....

    ReplyDelete
  2. java igenaganna aaasai godayanna puluwanda machan? eeth samaharu kiyana ewwata nam .net hodai kiyala hithenawaa

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි