Friday, April 13, 2012

java script මුලසිට සරලව - කුප්පි අංක 2

3 comments
දෙවෙනි කුප්පියත් ඉක්මනටම පටන් ගත්ත පළවෙනි ඒක බලපු නැති අය ඉන්නවනම් මෙතනින් බලන්න. ද අපි තවත් අලුත් දේවල් ටිකක් ගැන කතා කරමු . මතක ඇති කලින් එකේදි අපි කතා කලා document.write(" ") කියල එකක් ගැන මං කිව්වා මේකේ " " ඇතුලේ ලියන ඕනෑම දෙයක් HTML document එකේ print කරගන්න පුළුවන් කියල කිව්වා. ඒ නිසා අපිට පුළුවන් ඕනෑම  HTML tag එකක් මේකෙන් ප්‍රින්ට් කරගන්න.

<html>
      <head>
         <title> </title> 
      </head>

  <body>

 <script type ="text/javascript">
document.write("<font color=red>this is red text</font>"); 
//use semicolon any end of line
document.write("</br>") ;  //line break
document.write("<b>this is bold text</b>") ;

document.write("</br>") ;
document.write("<i>this is italic text</i>") ;
</script>

 </body>
</html>



මේ code ඒක රුන් කරලා බලන්න මොකද වෙන්න කියල..
 //use semicolon any end of line මේ තියෙන්නේ  comment එකක්, මෙහෙම ඉයන්නේ අපි මොකක්ද මේ කරලා තියෙන්නේ කියල බලන වෙන කෙනෙකුට තේරුම ගන්න පමණයි මේක browser එකේ පෙන්නේ නැ ඒ වගේම // බාවිත කරලා ලියන පුල්වන ඒක පේලියක් විතරයි ලොකු විස්තරයක් ලියන්න ඕනේ නම් /*   */ බාවිත කරන්න ඕනේ ,


<html>
      <head>
         <title> </title> 
      </head>

  <body>

/*<script type ="text/javascript">
document.write("<font color=red>this is red text</font>"); 
//use semicolon any end of line
document.write("</br>") ;  //line break
document.write("<b>this is bold text</b>") ;

document.write("</br>") ;
document.write("<i>this is italic text</i>") ;
</script>*/

 </body>
</html>




දැන් මේක run කරලා බලන්න මොකදවෙන්නේ කියල , මං මේ කරලතියෙන්නෙ සම්පුර්ණ java code එකම comment එකක් කරලා තියෙන්නේ .....


දැන් අපි බලමු variables ගැන....variable එකක් කියන්නේ අපිට අවශ්‍ය මොනම හරි data එකක් හෝ වෙනත් store කිරීමට අවශ්‍ය දෙයක් සදහා අපේ ram එකේ ඉඩක් වෙන කර ගැනීමයි...මේ variable වලට දාන data type ප්‍රදාන කොටස් දෙකකට බෙදෙනවා ඒවා තවත් කොටස් වලට බෙදෙන විදිහ තමයි මේ තියෙන්නේ  



  1. primitive data type
    • numbers (ඕනෑම අංක )
    • string ( ගණිත කර්මයකට බවිත නොකරන දේවල් අකුරු හෝ ඉලක්කම් )
    • Boolean (true / false)
  2. composite data type 
    • object 
    • arrays 


java script වල තියෙන වාසියක් තමයි අපි variable එකක් හැදුවට පස්සේ ඒක මොන type එකේද කියල හදුන්වල දෙන ඕනේ නැ අපි variable ඒකට දාන value අනුව auto data type ඒක තීරණය කරගන්නවා ..variable එකක් හදලා ඒකට value දන්නේ කොහොමද කියල බලමු .


var num;
var _asd;
var num_a;
var 1; (මෙහෙම variable හදන්න බෑ)
var L;
var l;
var a,b,c;


variable කිහිපයක් හදල තියෙනවා variable එකක් number එකකට හදන්න බෑ, ඒක මං වුද කියල තියෙනවා.
variable එකක් අනිවාර්යයෙන්ම letter එකකින් හෝ underscore එකකින් පටන් ගන්න ඕනේ,
මං කලින්ම කිව්වා java script කියන්නේ case sensitive language එකක් කියල ඒ නිසා L හා l කියන්නේ variable දෙකක්,
අපි හදන variable කිහිපයක් එකම type එකෙනමං ඒවා ඔය අන්තිම එකේ වගේ එකපාර හදා ගන්න පුළුවන්.
variable name එකක් ඇතුලේ හිස්තැන බාවිත කරන්න බෑ ඒ වෙනුවට _ යොදාගන්න පුළුවන් 
key word යොදාගන්නත් බෑ alert, confirm,prompt, මේවා java script ලියනකොට බවිතවන සම්මත වචන එකයි මේවා යොදාගන්න බෑ කියන්නේ 


ඔය කතා කලේ variable හදන හැටි විතරයි, ඒකට value දාන්නේ මෙන්න මේ විදිහට 



var num=10;
var _asd="my name"; ( string value දන්නා ඕන " " ඇතුලේ)
var num_a=225;
var L="k";
var l="5"; (මේක number එකක් වුනාට අපි දාලා තියෙන්නේ " " ඇතුලේ නිසා අපිට මේ 5 කියන අගය ගණනය කිරීම් වලට ගන්න බෑ මොකද දැන් මේක string value එකක් )
var a=2,b=4,c=6;


ඊට පස්සේ අපිට කතා කරන තියෙන්නේ operators ගැන


Arithmatic



-
*
/

++ (loop වලදී තමයි බාවිත වෙන්නේ එකක් එකතු කරන්න කියන තේරුම තමයි මේකේ තියෙන්නේ )
-- (loop වලදී තමයි බාවිත වෙන්නේ එකක් අඩු කරන්න කියන තේරුම තමයි මේකේ තියෙන්නේ )


Logical


&& (and නැතහොත් සහ කියන තේරුම තමයි තියෙන්නේ )
||  (or නැතහොත් හෝ කියන තේරුම තමයි තියෙන්නේ )
 (not නැතහොත් නැත කියන තේරුම තමයි තියෙන්නේ )


Assignment


= (අගයක් යොමුකිරිම කරන්නේ මේකෙන් variable වලට value දාන්න බාවිත කලේ මේක )


String concatenation 


+ (string දෙකක් එකතු කරන්න තමයි මේක බාවිත කරන්නේ පහල code ඒක run කරලා බලන්නකෝ )



<html>
      <head>
         <title> </title> 
      </head>

  <body>

<script type ="text/javascript">

var first_name ="harsha ";
var last_name ="hettiarachchi";
var full_name = first_name+last_name;
document.write(
full_name ); 
</script>

 </body>
</html>



ඔය කරලා තියෙනේ variable දෙකකට value අරගෙන ඒ value දෙක එකතු කරලා තවත් variable එකකට අරගෙන ඒ variable ඒක print කරලා තියෙන්නේ...මතක තියාගන්න variable print කරනකොට " " දන්නේ නැ...එහෙම දාලත් කරලා බලන්න මොකද වෙන්නේ කියල  


Comparison


>
<
>=
<=
== (හරියටම සමානද කියල බලන්නේ මෙහෙම )
!= (අසමානද කියල බලන්නේ මෙහෙම )


Arithmatic, Logical, Comparison මේවා බාවිත වෙන්නේ loop හා if function එක්ක ඊලග කුප්පියෙන් අපි ඒ ගැන කතා කරමු ඔක්කොම එකපාර කිව්වම වැඩේ අවුල් වෙනවනේ ....මොනම් හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment කරන්න...




java script මුල සිට සරලව - කුප්පි අංක 1

7 comments
හැමෝටම සුබම සුබ කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් ප්‍රර්ථනා කරනවා මුලින්ම, ගොඩ කාලෙකින් ආවා බ්ලොග් ඒක පැත්තේ අලුත් අවුරුද්දේ පටන් ගත්ත අලුත් වැඩක් java script කුප්පි මාලාවක් අද පළවෙනි ඒක මං මේකෙන් බලාපොරොත්තු වෙනවා java script ගැන ලොකු අවබෝදයක් හැමෝටම ලබාදෙන්න මේ කුප්පි මාලාව අවසානයේදී තනියම script එකක් ලියාගන්න පුළුවන් නම් එකයි සාර්ථකත්වය ....වැඩි කතා ඕනෙ නැ එහෙමනම් වැඩේ පටන් ගමු..

java script ඕනෑම කෙනෙකුට නොමිලේම බාවිත කරන්න පුළුවන් language එකක්..java script run කරන්න අපිට ඕන web browser එකක් විතරයි...HTML සමග තමයි java script බොහෝවිට බාවිත වෙන්නේ. web page එකක් තියෙන static ස්වරුපය dynamic සවරුපයට ගන්න java script බාවිත කරනවා (ඇත්තටම dynamic වෙන්නේ නැ ඇත්තටම dynamic කරන්නේ php වලින්)..java script කියන language ඒක case sensitive ඒ කියන්නේ java script එකක් ලියනකොට simple - capital ගැන සැලකිලි මත් විය යුතුය.


HTML document එකක java script add කරන ප්‍රදාන තැන තුනක් තියෙනවා
....................................................................................................
<html>
      <head>
         <title> </title> 
      </head>

  <body>

    (Body tag ඒක ඇතුලේ ලියන්න පුළුවන් )

 </body>
</html>
....................................................................................................

<html>
      <head>
         <title> </title>
     (head tag ඒක ඇතුලේ ලියන්න පුළුවන් ) 
      </head>

  <body>
 </body>
</html>
....................................................................................................
<html>
      <head>
         <title> </title>
    <script src="myjavascript.js">
අපි ලියපු වෙනත් java script එකක් මේ විදිහට html page ඒකට ඇතුලත් කරන්නත් පුළුවන්
      </head>

  <body>
 </body>
</html>

....................................................................................................

ඔය විදිහට අපිට page එකකට java script දාගන්න පුළුවන් ඔය ඒක ඒක ක්‍රම වල වාසි අවාසි තියෙනවා      අපි ඒවා script ලියනකොට කතා කරමු..

එහෙනම් අපි java script එකක් ලියලා බලමු....

<script type ="text/javascript">
document.write("My first java script")
</script>

අපි ලියන code ඒක script එකක් කියල browser ඒකට හදුන්වල දෙන්නේ <script> කියන tag එකෙන් , type ="text/javascript" කියල තියෙන්නේ අපි ලියන script ඒක මොන වර්ගයේද කියල හදුන්වලදෙන්න.. document.write("My first java script") ) මේකෙන් කියන්නේ ඔයා රතු පාටින් තියෙන ටික print කරලා පෙන්නන්න කියන ඒක , </script> කියල තියෙන්නේ එතනින් script ඒක ඉවරයි කියල browser ඒකට හදුන්වල දෙන්නයි...

....................................................................................................
<html>
      <head>
         <title> </title> 
      </head>

  <body>

 <script type ="text/javascript">
document.write("My first java script")
</script>

 </body>
</html>
....................................................................................................


<html>
      <head>
         <title> </title>
    <script type ="text/javascript">
document.write("My first java script")
</script>
      </head>

  <body>
 </body>
</html>
....................................................................................................

මුල් ක්‍රම දෙකට අපි ලියපු script මේ විදිහට යොදා ගන්න පුළුවන් ....කැමති code එකක් copy කරලා අරගෙන text document එකක paste කරලා save as දෙන්න..save as type : all files     file name: abc.html  කියල save කරගන්න...දැන් file ඒක browser එකේ open කරලා බලන්න ...

තුන් වන ක්‍රමයට කරන්නේ මෙන්න මේ විදිහට

මුලින්ම folder එකක් හදාගන්න . ඒක ඇතුලේ text document හදල පහත කොටස පමණක් copy -paste කරගන්න
document.write("My first java script")


මේක ඉහත පරිදිම save කරගන්න file name: myscrpt.js කියල වෙනස් කරගන්න..අපි මේ කලේ වෙනම java script file එකක් හදපු එකයි..ඒ කියන්නේ external file ඒකක් ඒවා save කරන්නේ .js කියන extension එකෙන් ..දැන් ඒ file ඒක html file ඒකට link කරන්න ඕනෙ ..ඒක තමයි අපි තුන්වෙනි ක්‍රමයෙන් කරන්නේ

text document එකක් open කරලා පහත code ඒක copy- paste කරගෙන file type : abc.html කියල save කරගන්න. මේ html file එකයි js file එකයි අනිවාර්යයෙන්ම එකම folder එකක තියෙන්න ඕනේ


<html>
      <head>
         <title> </title>
    <script src="myscrpt.js ">

      </head>

  <body>
 </body>
</html>

දැන් html file ඒක run කරලා බලන්න....අද කුප්පිය මෙතනින් අවසානයි ..මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න ..කුප්පි අංක 2 න් ඉක්මනටම හමුවෙමු ...

Thursday, February 9, 2012

=== Laptop උදවුවක් අවශ්‍ය කර තිබේ ===

10 comments

අද දවසම කලේ laptop ගැන හොයපු ඒක..බැරිම තැන තමයි මේ පොස්ට් ඒක ලියන්නේ...සරලව කතාව කියන්නම්කො...lap එකක් ගන්න හිතන් ඉන්නේ. ඒත් හොද එකක් තාම තෝරාගන්න බැරි වුනා. මං හොයන්නේ නම් core i3 or i5, 4GB Ram, 500GB Hard, 1GB VGA ඔන්න ඕවා තමයි මුලිකවම ඕනෙ..අනිත් ඒවානම් normal තියෙන ඒවා තිබුනම ඇති..හොද brand එකකුයි ගන්න තැනකුයි දන්නවනම්  comment එකක් දාලා යන්න ලොකු උදවුවක් 

මේවා දැක්කම ඇග සිතල වෙනවා
http://dharmadveepayeiranama.blogspot.com/2012/02/mytech-in-unity-plaza.html

ඒ නිසා ලැප ගන්න කලින් හොදට හොයල බලන්න ඕනෙ ....නැත්නම් වහ කන්න වෙන්නේ 

ජනප්‍රිය ලිපි