Showing posts with label අන්තර්ජාලයෙන් මුදල්. Show all posts
Showing posts with label අන්තර්ජාලයෙන් මුදල්. Show all posts

Monday, August 27, 2012

Adsense + Freelancer + affiliate marketing සමග අන්තර්ජාලයෙන් මුදල්




Internet Money මේ මාතෘකාව ගැන ගොඩක් දේවල් තියෙනවා internet එකෙත් ..ලංකාවේ මේවා කරලා මුදල් හොයාගත්ත අය වගේම මේ ගැන class කරලා මුදල් හොයාගත්ත අයත් ගොඩක් ඉන්නවා ..ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි internet money කියන එක ඇත්තක්ද ? ඇත්තටම මුදල් හොයන්න පුලුවන්ද ? ඔන්න ඔය වගේ ඒවා, ඔව් ඇත්තටම මුදල් හොයන්න පුළුවන් හොයපු අයත් ඉන්නවා ...නිකන් ඉදල මුදල් හොයන්න පුළුවන් කියන එකනම් බොරු ...100%ක්ම බොරු කියල කියන්නේ නෑ.....මාස 6-7 ක් විතර මහන්සි වුනාට පස්සේ නිකන් ඉදල මුදල් හොයන්න පුළුවන් ඒ ගැන පොඩි සදහනකුත් දෙන්නම් ...මේ ලිපියෙන් මං බලාපොරොත්තු වෙන්නේ අලුත්ම දෙයක් ගැන කියන්න නම් නෙමෙයි ..හැමෝම කියන ඒවා වලින් කරන්න පුළුවන් දේවල් ටිකක් ගැන කියන්න,
කතාව මෙහෙම පටන් ගන්නම් , අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් ක්‍රම කොටස් කිහිපයකට මේ විදිහට වෙන් කරන්නම්
·         Ad publishing
·         Freelancer
·         Affiliate marketing
·         Selling
·         Clicking
·         Forex trading
·          Microwork 

ඔන්න ඔය විදිහට වෙන්න කරන්නම් ..මම මේ කියන ඒවා සමහරුනම් දන්නවා වෙන්න පුළුවන්, නොදන්නවා වෙන්නත් පුළුවන්, කාටහරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතලයි මේ පොස්ට් එක දාන්නේ... හරි, එක එක මාතෘකාව ගැන වෙන වෙනම බලමු

Ad publishing
නිකන් ඉදල මුදල් හොයනවා කියන එක මේ මාතෘකාව යටතේ තරමක් දුරට සාදාරනීකරනය කරන්න පුළුවන්..Ad publishing කියන්නේ ads ලබාදෙන network එකක් හරහා ads අරගෙන ඒවා අපේ blog/web වල publish කරලා ඒ හරහා මුදල් හොයාගන්න පුළුවන් ක්‍රමයක්. නිකන්ම බ්ලොග් එකක් හදාගෙන එකට ads දැම්මට කිසිම ප්‍රයෝජනයක් නෑ එකට මෙන්න මේ වගේ කරුණු ටිකක් සම්පුර්න වෙන්න ඕනේ, එක මං මේ විදිහට කියල දෙන්නම්

  •  Blog  එකක් හෝ Web එකක් තියෙන්න ඕනේ, top level ඩොමින් එකක් තියෙනවනම වඩා හොදයි (.com .info)
  •  හොද traffic එකක් තියෙන්න ඕනේ (දවසට 500කගේ විතර පැමිණීමක් )
  •  Traffic එකක් ගන්නන නම් web/blog එකේ   හැමෝටම වැදගත් කරුණු තියෙන්න ඕනේ
මෙන්න මේ පහල තියෙන දේවල් ටිකත් කරන්න වෙනවා 
තමන්ගේම web එකක් තියෙනවනම් එක බාවිතයෙන්
Facebook page/group හදාගෙන ඒවා වල publish කිරීමෙන්
Twitter එක හරහා ලින්ක් tweet කිරීමෙන්
Article එකක් ලියල site වලට submit කිරීමෙන්    
වැඩි පිරිසක් බාවිත කරන Forum වල පොස්ට් මගින් හෝ comment මගින්

SEO (search Engine optimize)
Backlink
Social bookmarking
Directory submission

ඔන්න ඔය වගේ දේවල් ටිකක් කරන්න ඕනේ , දවසින් දෙකකින් නම් මේවා ටික කරන්න බෑ, ටිකක් මහන්සි වෙලා වැඩේ කරගත්තොත් මාස 4ක් 5ක් වගේ යනකොට හොද traffic එක හදාගන්න පුළුවන්, traffic හදාගන්න එක තමන්ටම කරගන්න අමාරුනම් fiverr එකෙන් වැඩේ කරගන්න පුළුවන් ඔක්කොම ටික කරගන්න නම් $20 – 25 ක් වගේ ගානක් වියදම් වෙයි..ඒකත් අපිම කරගත්තොත් වැඩේ ලේසියි. Post ලියනකොට keyword ගැන සැලකිලිමත් වෙනවනම් traffic එක හදාගන්න වැඩිය මහන්සි වෙන්න ඕනේ නෑ..හොද traffic එකක් තියෙනවනම් හොද අදායමක් ලබා ගන්න පුළුවන් , ලොකු විස්තරයක් නම් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ..පහල තියෙන්නේ ප්‍රසිද්ද Ad publishing සේවාවන් සපයන ආයතන


Freelancer
තමන්ගේ දක්ෂතාවය මුදල් බවට හරවන්න තමයි මේවා තියෙන්නේ, හොද අදායමක් ලබන්න පුළුවන් තවත් සාර්ථක ක්‍රමයක් තමයි මේක..ප්‍රදාන වර්ග 3ක් තියෙනවා  

වැඩක් කරගන්න ඕනේ උනාම  මේ web site වලට දානවා ,අපිට කරන්න පුළුවන් job වලට ඉල්ලුම් කරලා ඒවා කරලා මුදල් ලබා ගැනීම
Guru
Elance
Odesk (Odesk ගැන)
Freelancer (ලක්ෂ 5ක් )
අපිට කරන්න පුළුවන් වැඩ දාලා profile එකක් හදාගන්නවා ,වැඩේ කරගන්න ඕනේ කෙනා අපිට order එක දෙනවා අපි වැඩේ කරලා මුදල් ගන්නවා  
fiverr ( fiverr සම්බන්ද උදවු සදහා fb group එක සෙට් වෙන්න)  (Fiverr ගැන මුලසිටම)
gigbucks
මේවා ටිකක් වෙනස් මෙතැනදී වෙන්නේමෙහෙම දෙයක් job දාලා තියෙනවායම් කලසිමක් සමග අපිට කරන්න පුළුවන් job එක කරලා sampleඑකක් ගැනුම් කරුට යවනවා , මේවගේ ගොඩක්අය එකම job එක කරනවා, අන්තිමට කාලසීමාව ඉවර වුනාම ගැනුම්කරු තේරීමක් කරනවා එතනින් අපේ එක තේරුනොත් අපි original එක එයාට යවනවා එයා එකට මුදල් ගෙවනවා ..එකසැරේ ලොකු ගණක හොයාගන්න පුළුවන් $400, $500 වගේ webdesign කරනවානම් $1000 -1500 වගේ ගණන ගෙවනවා
Designcrowd
99designs

Affiliate marketing
විශාල මුදලක් හොයාගන්න පුලවන් ක්‍රමයක් තමයි මේක, කරන්න තියෙන්නේ marketing…ඕනෑතරම් web site තියෙනවා නමුත් clickbank (Clikbank ගැන දැනගන්නහා commission junction ප්‍රදාන තැනක් ගන්නවා..අපිට කරන්න තියෙන්නේ site වල ලියාපදිංචි වෙලා , භාණ්ඩ විකිණීමයි, ක්‍රම ගොඩක් තියෙනවා 

තමන්ට නව අදහස් තියෙනවනම් අලුත් ක්‍රමයක් මගින් වුනත් වැඩේ කරන්න පුළුවන්

Selling
මේකත් ගොඩක් හොද ක්‍රමය, තියෙන ඕනෑම දෙයක් විකුණලා වැඩේ කරන්න පුළුවන් ebay,amazon වගේ site වලින් වැඩේ කරන්න පුළුවන් ,තමන්ගේම නිර්මාණ, හොද වටින e book ටිකක්  ඔන්න ඔය වගේ ඒවා විකුණලා හොද ගණක හොයාගන්න පුලවන්,  විකුනන්න මුකුත්ම නැත්නම් මෙහෙම දෙයක් කරන්න පුළුවන් (මං කරලා නෑ) භාණ්ඩ විකුණන් තව website එකක් හොයාගන්නවා
·         කියන site එකේ තියෙන භාණ්ඩයක් තෝරාගන්නවා (වටිනාකම් $10 කියමුකෝ )
·         Ebay එකේ මේක දාලා $15 ට විකුනනවා, ඒ $15 අපේ paypal එකට යනවා
·         කියන site එකට $10 ක් ගෙවල අදාල address එක දෙනවා එහෙට යවන්න කියල ($5 ක් අපිට )  

Discount දාලා දෙන ඒවාට නම් ඔය වැඩේ ගොඩක් සාර්ථකයි... තව අලුත් අදහස් තියෙනවනම් ඒවා කරලා බලන්න හරියන්න පුළුවන්
(වැඩි විස්තර සදහා මෙන්න මේ FB group එක DOC බලන්න)

Clicking
මේකත් එක ක්‍රමයක් සමහරු නම් කරනවා, මේකට වඩා අනිත් ක්‍රම ඔක්කොම හොදයි කියලයි මගේ අදහස...onbux,neobux, මේ වගේ bux site වලින් දෙන ad click කරන්න තමයි මේකේ කරන්න තියෙන්නේ මේ ගැන ගොඩක් කතා කරන්නේ නෑ , මොකද මේකේ සාර්ථකත්වය ගැන මට ලොකු විස්වාසයක් නෑ

Forex trading
මේක ලංකාවේ shear market එක වගේ එකක් ..ලෝකේ shear market ඒකත් එක්ක ගනුදෙනු කිරීමක් වෙන්නේ , මුලින් අපි යම් මුදලක් යොදවන්න ඕනේ...ටිකක් අවදානම් ගන්න ඕනේ ක්‍රමයක් විදිහටයි මං දකින්නේ ...අපි මුදල් හොයන්න මිසක් වියදම් කරන්න ක්‍රමයක් නෙමේ නේ හොයන්නේ, මේගැන post ඕනතරම් තියෙනවා, මේ සම්බන්දව අද්දැකීමක් නැති නිසා වැඩිය කතාකරන්න බලාපොරොත්තුවක් නෑ, විස්තර ටික හොයල බලන්න
Forex ගැන විස්තරයක් 

Maicrowork
පොඩි පොඩි වැඩ කරලා මුදල් හොයන්න පුළුවන්...එක මේ සදහා වැයකරන කාලය අනුව තමයි තීරණය වෙන්නේ ..මේකේ කරන්න තියෙන්නේ form submit,facebook like,server complet ඔන්න ඔය වගේ ඒවා තමයි  $0.1, $0.01 වගේ පොඩි ගණන් තමයි හම්බෙන්නේ..සමහ job තියෙනවා ඒයාල දෙන article අපේ වෙබ් වල දානවට $1, $1.5 වගේ ගෙවීමක් කරනවා , හැබැයි ඉතින් හොද page rank එකක් ඒයාල ඉල්ලනවා..කොහොම වුනත් තරමක් දුරට සාර්ථකයි, නමුත් Ad publishing,Freelancer,Affiliate marketing ,Selling මෙන්න මේවා ඊට වැඩ හොදයි කියන එකයි මගේ අදහස
Minuteworkers (මේ ලිපිය බලන්න )
Microworkers

දැන්නම් ඇති වගේ type කරන්න එක තමයි එපා වෙන වැඩේ...තමන්ට හොදයි කියල හිතෙන ක්‍රමයක් තෝරාගෙන වැඩේ පටන් ගන්න තමයි තියෙන්නේ , post එකේ යම් යම් අඩුපාඩු තියෙන්නේ පුළුවන්...ප්‍රශ්න තියෙනවනම් අහන්න, මොකක් හරි වැදගත් කමක් වුනානම් comment එකක් දාන්න මොකද මේකෙන් මට කිසිම වාසියක් නෑ..දීල තියෙන එක link එකක් වත් referral link එහෙම නෙමේ..ලංකාවේ අය අකමැතිම link එකක්නේ :-) ..අලුත් ලිපියකින් හමුවෙමු  හැමෝටම ජය වේවා !!!






Monday, July 9, 2012

..::Autoblog post වලට image ඇතුලත් කිරීම (Autoblog Samurai)::..


ඔටෝ බ්ලග් සමුරායි පෝස්ට් වල පොටෝ ඇතුලත් කිරීම
අපි බ්ලග් එකක් හදල බලග් එකට බැකලින්ක් හදාගෙන පොඩ්ඩක් රෑන්ක් එක වැඩිකර ගත්තට පස්සෙ මේ සොපට්වෙයාර් එක යූස් කරල අපිට පුලුවන් පේජ් වීව් විසටර්ල ගාන වැඩි කර ගන්න මේක ඇඩ්සෙන්ස් වලටත් යොදාගන්න පුලුවන් කියල iplus බ්ලග් එකේ සම්පූර්ණ විස්තරයක් එක්කම සොපට්වෙයාර් එක ඩවුන්ලොඩ් කරගන්නත් දෙනව http://www.iplusblog.com/2012/05/seo-autoblog-adsense-2.html
මෙ ලින්ක් එකෙන් ගිහින් මෙ සොපට්වෙයාර් එක ඩවුන්ලොඩ් කරගෙන ඉනසෝල් කරල හරියට කැක් කර ගන්න

ගොඩාක් කට්ටියට තියෙන ගැටලුවක් තමයි මෙ සොපට්වෙයාර් එකෙන් පොටෝ වීඩියො අපේ බ්ලග් එකට ඔටෝ පෝස්ට් කරන්ඩ පුලුවන්ද කියන එක ? එහෙම කරන්න පුලුවන් සැකනම් උදාහරණයක් විදිහට මේ බ්ලග් එක බලන්නකො
මේ විදිහට හදා ගන්නනම් ඔයාල ඉස්සෙල්ල නොමිලේ වෙබ් හොස්ටින්ග් දෙන ආයතනයක එකවුන්ට් එකක් හදා ගන්න ඕන මම භාවිතා කරන්නෙ නම් 000වෙබ්හොස්ට් කියන එක ඒක යූස් කරන්න ලේසියි දැන් මේ ලින්ක් එකෙන් ගිහින් එකවුන්ට් එකක් හදා ගන්නකො
දැන් සමුරායි බ්ලග් එකේ ඇඩ් බ්ලග් කියන එක ක්ලික් කරන්නකො
පල්ලෙහා දල තියෙන විදිහට හරියට විස්තර ටික පුරවල ඇඩ් බලග් කියන එක ක්ලික් කරන්න එතකොට වැඩේ ගොඩ
01.බ්ලගර් කියන එක සිලෙක්ට් කරන්න
02.ඔයාගෙ බ්ලගර් එකේ යූසර් ඊමේල් එක දෙන්න
03.බ්ලගර් එකේ පාස්වර්ඩ් එක දෙන්න
දැන් බ්ලග් නෙම් කියන එකටත් නමක් දීල කනෙක්ට් ඇන්ඩ් ගෙට් බ්ලග් කියන එක ක්ලික් කරන්න

04.ක්ලික් එකක් දාන්න
05,06,07.සර්වර්,ftp යූසර්නේම් පාස්වර්ඩ් කියන ඒව හොයාගන්න පුලුවන් ඔයා හදපු 000 හොස්ට් එකවුන්ට් එකේ Go to CPanel කියන එක ක්ලික් කරල
08.මේ කොටුව හිස් තියන්න අවුලක් නැහැ
09.දැන් ඇඩ් බ්ලග් ක්ලික් කරන්න
ලිපිය නිර්මාණය පුබුදු උදාර

Saturday, December 24, 2011

blog ඒකට Ad sense ගමුද ? (100% ක්‍රියාත්මකයි)



නත්තලත් ලගයිනෙ හැමෝටම සුබ නත්තලක් වේවා කියල ප්‍රර්ථනා කරලම අද වැඩේ පටන් ගන්නම්කො... Google  ad sense  කිව්වම දන්නේ නැති කෙනෙක් නැටි තරම්නේ. ඉතින් ඔන්න ඕක ගන්න මං ගොඩක් කල් ඉදන් try කරා. දන්නවනේ ඕක ලේසියෙන් හම්බෙන්නේ නැ කියල රටේ නැති ඒවා බලනවා ad sense දෙන්න ගිහාම. කොහොම කොහොම හරි මටත් ඕක ලැබුණා. අලුතින්ම හදපු බ්ලොග් එකකට තමයි ගත්තේ ..වැඩි කතා ඕනේ නැ ගත්ත විදිහ කියන්නම්කො

අලුතෙන්ම හදපු බ්ලොග් ඒකට ad sense ගන්නවනම blog ඒක හදපු ගමන් apply කරන්න එපා.. visitors ලා 400  ක් විතර වෙනකම් ඉන්න. ඒක අමාරු වැඩක් නෙමේ. ඒක කර ගන්නේ මෙහෙමයි

facebook account එකක් හදල එකෙට බ්ලොග් පොස්ට් ලින්ක් කරන්න ( මේ fb application එකෙන් වැඩේ කරගන්න පුළුවන්)

rss feed ඒකත් දාගන්න

twitter ඒකට පොස්ට් ලින්ක් කරන්න ( මේ web එකෙන් ඒක කර ගන්න පුළුවන්)

blog එකට meta tag add කරන්න (සැම්ගේ අඩියේ තියෙනවා ඒ සදහා ලිපියක් )

තවත් blog traffic වැඩි කරගන්න ක්‍රම ගැන ලසිදු සහෝදරයා ලිපි පල කරලා තියෙනවා ඒවා බවිත කරලා බලන්න, මේ පහල තියෙන්නේ ඒ links ටික
සෙවුම් යන්ත්‍රයන් හි අසුවීමට Backlinks ලබාගැනීම
සෙවුම් යන්ත්‍රයන් හි අසුවීමට Backlinks ලබාගැනීම දෙවන කොටස
රෑන්ක් එක සඳහා Dofollow Blog Commenting
Social Bookmarking සහ මුදල් සෙවීම
මේ තියෙන හැම දේම කරන එකනම් ටිකක් එපා වෙන වැඩක් ඔක්කොම කරන්න ඕනෙ නෑ

මෙතනත් තියෙනවා blog traffic වැඩිකරගන්න ක්‍රම 101

මුලික පියවරවල් ටික නම් ඉවරයි, ඔන්න ඔය වගේ ක්‍රම අනුගමනය කරලා බ්ලොග් ඒකට එන අය ගාන වැඩි කරගන්න ඒක තමයි අපිට වෙදගත් වෙන්නේ ab sense වලින් ගානක් හොයාගන්න...

adsense ගන්න විදිහ iplusblog එකේ විස්තර සහිතව සදහන් කරලා තියෙනවා..ඒ විදිහට වැඩ ටික කරන්න...හැබැයි කියන තරම් ඉක්මනට හම්බෙන්නෙත් නැ සතියක් විතර යනවා ඒත් කමක් නැ ad sense නෙ

මේ පහල තියෙන්නේ මං ad sense ඉල්ලුම් කලාම මට google එකෙන් එවපු mail ඒක


log in and start account ගිහිල්ල ad එකක් හදල blog එකේ place කරලා තියන්න..ad ඒක දැම්මට මුකුත් පෙන්නේ නැ..account ඒක active වුනාම ad පේනවා
මේ තියෙන්නේ මං adsense ගත්ත බ්ලොග් ඒක 

ad sense වලින් හොද ගානක් හොයා ගන්න හැටි ඊලග පොස්ට් එකෙන් කියන්නම්කො

එහෙනම් මං ගියා..කට්ටියටම ජය වේවා...පොස්ට් එකෙන් වැඩක් උනානම් comment එකක් දාගෙනම යන්න



ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි