Friday, April 13, 2012

java script මුලසිට සරලව - කුප්පි අංක 2

දෙවෙනි කුප්පියත් ඉක්මනටම පටන් ගත්ත පළවෙනි ඒක බලපු නැති අය ඉන්නවනම් මෙතනින් බලන්න. ද අපි තවත් අලුත් දේවල් ටිකක් ගැන කතා කරමු . මතක ඇති කලින් එකේදි අපි කතා කලා document.write(" ") කියල එකක් ගැන මං කිව්වා මේකේ " " ඇතුලේ ලියන ඕනෑම දෙයක් HTML document එකේ print කරගන්න පුළුවන් කියල කිව්වා. ඒ නිසා අපිට පුළුවන් ඕනෑම  HTML tag එකක් මේකෙන් ප්‍රින්ට් කරගන්න.

<html>
      <head>
         <title> </title> 
      </head>

  <body>

 <script type ="text/javascript">
document.write("<font color=red>this is red text</font>"); 
//use semicolon any end of line
document.write("</br>") ;  //line break
document.write("<b>this is bold text</b>") ;

document.write("</br>") ;
document.write("<i>this is italic text</i>") ;
</script>

 </body>
</html>



මේ code ඒක රුන් කරලා බලන්න මොකද වෙන්න කියල..
 //use semicolon any end of line මේ තියෙන්නේ  comment එකක්, මෙහෙම ඉයන්නේ අපි මොකක්ද මේ කරලා තියෙන්නේ කියල බලන වෙන කෙනෙකුට තේරුම ගන්න පමණයි මේක browser එකේ පෙන්නේ නැ ඒ වගේම // බාවිත කරලා ලියන පුල්වන ඒක පේලියක් විතරයි ලොකු විස්තරයක් ලියන්න ඕනේ නම් /*   */ බාවිත කරන්න ඕනේ ,


<html>
      <head>
         <title> </title> 
      </head>

  <body>

/*<script type ="text/javascript">
document.write("<font color=red>this is red text</font>"); 
//use semicolon any end of line
document.write("</br>") ;  //line break
document.write("<b>this is bold text</b>") ;

document.write("</br>") ;
document.write("<i>this is italic text</i>") ;
</script>*/

 </body>
</html>




දැන් මේක run කරලා බලන්න මොකදවෙන්නේ කියල , මං මේ කරලතියෙන්නෙ සම්පුර්ණ java code එකම comment එකක් කරලා තියෙන්නේ .....


දැන් අපි බලමු variables ගැන....variable එකක් කියන්නේ අපිට අවශ්‍ය මොනම හරි data එකක් හෝ වෙනත් store කිරීමට අවශ්‍ය දෙයක් සදහා අපේ ram එකේ ඉඩක් වෙන කර ගැනීමයි...මේ variable වලට දාන data type ප්‍රදාන කොටස් දෙකකට බෙදෙනවා ඒවා තවත් කොටස් වලට බෙදෙන විදිහ තමයි මේ තියෙන්නේ  



  1. primitive data type
    • numbers (ඕනෑම අංක )
    • string ( ගණිත කර්මයකට බවිත නොකරන දේවල් අකුරු හෝ ඉලක්කම් )
    • Boolean (true / false)
  2. composite data type 
    • object 
    • arrays 


java script වල තියෙන වාසියක් තමයි අපි variable එකක් හැදුවට පස්සේ ඒක මොන type එකේද කියල හදුන්වල දෙන ඕනේ නැ අපි variable ඒකට දාන value අනුව auto data type ඒක තීරණය කරගන්නවා ..variable එකක් හදලා ඒකට value දන්නේ කොහොමද කියල බලමු .


var num;
var _asd;
var num_a;
var 1; (මෙහෙම variable හදන්න බෑ)
var L;
var l;
var a,b,c;


variable කිහිපයක් හදල තියෙනවා variable එකක් number එකකට හදන්න බෑ, ඒක මං වුද කියල තියෙනවා.
variable එකක් අනිවාර්යයෙන්ම letter එකකින් හෝ underscore එකකින් පටන් ගන්න ඕනේ,
මං කලින්ම කිව්වා java script කියන්නේ case sensitive language එකක් කියල ඒ නිසා L හා l කියන්නේ variable දෙකක්,
අපි හදන variable කිහිපයක් එකම type එකෙනමං ඒවා ඔය අන්තිම එකේ වගේ එකපාර හදා ගන්න පුළුවන්.
variable name එකක් ඇතුලේ හිස්තැන බාවිත කරන්න බෑ ඒ වෙනුවට _ යොදාගන්න පුළුවන් 
key word යොදාගන්නත් බෑ alert, confirm,prompt, මේවා java script ලියනකොට බවිතවන සම්මත වචන එකයි මේවා යොදාගන්න බෑ කියන්නේ 


ඔය කතා කලේ variable හදන හැටි විතරයි, ඒකට value දාන්නේ මෙන්න මේ විදිහට 



var num=10;
var _asd="my name"; ( string value දන්නා ඕන " " ඇතුලේ)
var num_a=225;
var L="k";
var l="5"; (මේක number එකක් වුනාට අපි දාලා තියෙන්නේ " " ඇතුලේ නිසා අපිට මේ 5 කියන අගය ගණනය කිරීම් වලට ගන්න බෑ මොකද දැන් මේක string value එකක් )
var a=2,b=4,c=6;


ඊට පස්සේ අපිට කතා කරන තියෙන්නේ operators ගැන


Arithmatic



-
*
/

++ (loop වලදී තමයි බාවිත වෙන්නේ එකක් එකතු කරන්න කියන තේරුම තමයි මේකේ තියෙන්නේ )
-- (loop වලදී තමයි බාවිත වෙන්නේ එකක් අඩු කරන්න කියන තේරුම තමයි මේකේ තියෙන්නේ )


Logical


&& (and නැතහොත් සහ කියන තේරුම තමයි තියෙන්නේ )
||  (or නැතහොත් හෝ කියන තේරුම තමයි තියෙන්නේ )
 (not නැතහොත් නැත කියන තේරුම තමයි තියෙන්නේ )


Assignment


= (අගයක් යොමුකිරිම කරන්නේ මේකෙන් variable වලට value දාන්න බාවිත කලේ මේක )


String concatenation 


+ (string දෙකක් එකතු කරන්න තමයි මේක බාවිත කරන්නේ පහල code ඒක run කරලා බලන්නකෝ )



<html>
      <head>
         <title> </title> 
      </head>

  <body>

<script type ="text/javascript">

var first_name ="harsha ";
var last_name ="hettiarachchi";
var full_name = first_name+last_name;
document.write(
full_name ); 
</script>

 </body>
</html>



ඔය කරලා තියෙනේ variable දෙකකට value අරගෙන ඒ value දෙක එකතු කරලා තවත් variable එකකට අරගෙන ඒ variable ඒක print කරලා තියෙන්නේ...මතක තියාගන්න variable print කරනකොට " " දන්නේ නැ...එහෙම දාලත් කරලා බලන්න මොකද වෙන්නේ කියල  


Comparison


>
<
>=
<=
== (හරියටම සමානද කියල බලන්නේ මෙහෙම )
!= (අසමානද කියල බලන්නේ මෙහෙම )


Arithmatic, Logical, Comparison මේවා බාවිත වෙන්නේ loop හා if function එක්ක ඊලග කුප්පියෙන් අපි ඒ ගැන කතා කරමු ඔක්කොම එකපාර කිව්වම වැඩේ අවුල් වෙනවනේ ....මොනම් හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment කරන්න...




4 comments:

  1. වේරියබල් හදනකොට ටයිප් එක දෙන්න ඕන නැද්ද?

    ස්ට්‍රින්ග්ද ඉන්ට්ද කියලා බලාගන්නෙ "" වලින්ද?

    ReplyDelete
  2. නියමයි ,

    …දිගටම ලියන්න , සරල සිට සංකීර්ණ නිර්මනයක් කරන විදිහ ම ,

    ReplyDelete
  3. variable type ඒක දෙන්න ඕනේ නැ ඒක අපි දෙන value ඒක අනුව තීරණය වෙනවා.. " " දුන්නොත් string නැත්නම් integer

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි