Friday, April 13, 2012

java script මුල සිට සරලව - කුප්පි අංක 1

හැමෝටම සුබම සුබ කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් ප්‍රර්ථනා කරනවා මුලින්ම, ගොඩ කාලෙකින් ආවා බ්ලොග් ඒක පැත්තේ අලුත් අවුරුද්දේ පටන් ගත්ත අලුත් වැඩක් java script කුප්පි මාලාවක් අද පළවෙනි ඒක මං මේකෙන් බලාපොරොත්තු වෙනවා java script ගැන ලොකු අවබෝදයක් හැමෝටම ලබාදෙන්න මේ කුප්පි මාලාව අවසානයේදී තනියම script එකක් ලියාගන්න පුළුවන් නම් එකයි සාර්ථකත්වය ....වැඩි කතා ඕනෙ නැ එහෙමනම් වැඩේ පටන් ගමු..

java script ඕනෑම කෙනෙකුට නොමිලේම බාවිත කරන්න පුළුවන් language එකක්..java script run කරන්න අපිට ඕන web browser එකක් විතරයි...HTML සමග තමයි java script බොහෝවිට බාවිත වෙන්නේ. web page එකක් තියෙන static ස්වරුපය dynamic සවරුපයට ගන්න java script බාවිත කරනවා (ඇත්තටම dynamic වෙන්නේ නැ ඇත්තටම dynamic කරන්නේ php වලින්)..java script කියන language ඒක case sensitive ඒ කියන්නේ java script එකක් ලියනකොට simple - capital ගැන සැලකිලි මත් විය යුතුය.


HTML document එකක java script add කරන ප්‍රදාන තැන තුනක් තියෙනවා
....................................................................................................
<html>
      <head>
         <title> </title> 
      </head>

  <body>

    (Body tag ඒක ඇතුලේ ලියන්න පුළුවන් )

 </body>
</html>
....................................................................................................

<html>
      <head>
         <title> </title>
     (head tag ඒක ඇතුලේ ලියන්න පුළුවන් ) 
      </head>

  <body>
 </body>
</html>
....................................................................................................
<html>
      <head>
         <title> </title>
    <script src="myjavascript.js">
අපි ලියපු වෙනත් java script එකක් මේ විදිහට html page ඒකට ඇතුලත් කරන්නත් පුළුවන්
      </head>

  <body>
 </body>
</html>

....................................................................................................

ඔය විදිහට අපිට page එකකට java script දාගන්න පුළුවන් ඔය ඒක ඒක ක්‍රම වල වාසි අවාසි තියෙනවා      අපි ඒවා script ලියනකොට කතා කරමු..

එහෙනම් අපි java script එකක් ලියලා බලමු....

<script type ="text/javascript">
document.write("My first java script")
</script>

අපි ලියන code ඒක script එකක් කියල browser ඒකට හදුන්වල දෙන්නේ <script> කියන tag එකෙන් , type ="text/javascript" කියල තියෙන්නේ අපි ලියන script ඒක මොන වර්ගයේද කියල හදුන්වලදෙන්න.. document.write("My first java script") ) මේකෙන් කියන්නේ ඔයා රතු පාටින් තියෙන ටික print කරලා පෙන්නන්න කියන ඒක , </script> කියල තියෙන්නේ එතනින් script ඒක ඉවරයි කියල browser ඒකට හදුන්වල දෙන්නයි...

....................................................................................................
<html>
      <head>
         <title> </title> 
      </head>

  <body>

 <script type ="text/javascript">
document.write("My first java script")
</script>

 </body>
</html>
....................................................................................................


<html>
      <head>
         <title> </title>
    <script type ="text/javascript">
document.write("My first java script")
</script>
      </head>

  <body>
 </body>
</html>
....................................................................................................

මුල් ක්‍රම දෙකට අපි ලියපු script මේ විදිහට යොදා ගන්න පුළුවන් ....කැමති code එකක් copy කරලා අරගෙන text document එකක paste කරලා save as දෙන්න..save as type : all files     file name: abc.html  කියල save කරගන්න...දැන් file ඒක browser එකේ open කරලා බලන්න ...

තුන් වන ක්‍රමයට කරන්නේ මෙන්න මේ විදිහට

මුලින්ම folder එකක් හදාගන්න . ඒක ඇතුලේ text document හදල පහත කොටස පමණක් copy -paste කරගන්න
document.write("My first java script")


මේක ඉහත පරිදිම save කරගන්න file name: myscrpt.js කියල වෙනස් කරගන්න..අපි මේ කලේ වෙනම java script file එකක් හදපු එකයි..ඒ කියන්නේ external file ඒකක් ඒවා save කරන්නේ .js කියන extension එකෙන් ..දැන් ඒ file ඒක html file ඒකට link කරන්න ඕනෙ ..ඒක තමයි අපි තුන්වෙනි ක්‍රමයෙන් කරන්නේ

text document එකක් open කරලා පහත code ඒක copy- paste කරගෙන file type : abc.html කියල save කරගන්න. මේ html file එකයි js file එකයි අනිවාර්යයෙන්ම එකම folder එකක තියෙන්න ඕනේ


<html>
      <head>
         <title> </title>
    <script src="myscrpt.js ">

      </head>

  <body>
 </body>
</html>

දැන් html file ඒක run කරලා බලන්න....අද කුප්පිය මෙතනින් අවසානයි ..මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න ..කුප්පි අංක 2 න් ඉක්මනටම හමුවෙමු ...

12 comments:

  1. නියමයි.... දිගටම ලියන්න ඕන හැබැයි, (මොකද මම එහෙම කියන්නෙ මේ වගේ තාක්ෂණීක ලිපි ලියපු හුඟාක් දෙනා 1න් පටන්ගන්නවා හැබැයි උපරිම පෝස්ට් 2යි නැත්තං 3යි) මම හැමදාම බලනවා....
    ඒ වගේම ලබන්නාවූ නව වසරට සුබපතනවා.... !! ජයවේවා

    ReplyDelete
  2. මේක ගොඩක් වටිනා වැඩක්.. දිගටම ලියන්න.. මමත් මේ දවස් වල හ්ට්ම්ල් ඉගන ගන්නවා.. එකත් එක්කම මේකත් ඉගන ගන්න පුළුවන් දැන්..

    ReplyDelete
  3. පෝස්ටුව එලය.. මිනිත්තු 5ක්වත් වැය නොකර මුල්ටික අල්ලා ගත්තෙමි...

    මේවගේ පෝස්ට් කියවන අය සිංහල බ්ලොග් අවකාසයේ අඩුය.. එම නිසා කමෙන්ට් ද අඩුවිය හැක.

    නමුත් එයින් නොසැලී මෙයින් ප්‍රයෝජනයක් ගන්නා ස්වල්පදෙනා වෙනුවෙන් හෝ දිගටම ලියන ලෙස ඉල්ලා සිටිමි..

    ReplyDelete
  4. හුඟක් අය පටන් අරන් පෝස්ට් දෙක තුනක් දාලා නිකං ඉන්නවා, එහෙම කරන්න එපා දිගටම කරගෙන යන්න කියලා මම සුබ පතනවා ...

    ReplyDelete
  5. asawen galan hitiye java script liyana hati dana ganna dan tikak dannawa ath meewa godak important wei step by step giyoth

    ReplyDelete
  6. මේ දවස් ටිකක් කාර්යබහුලයි විභාග නිසා...මේ මාසේ අන්තිම වෙනකොට 3 වන කොටස දානවා comments වලට බොහොමත් ස්තුතියි.....

    ReplyDelete
  7. maru maru.. ara kiyapu wage digaaaaaaaaaaaaaatama liyanna..

    ReplyDelete
  8. Niyamai machan ,digatama karagena yanna.

    ReplyDelete
  9. harima wadagath wadak machan.man me gana danaganna godak asawen hitiye.
    mewa kiyala dena ekata godaak pin. bohoma sthuthi.

    ReplyDelete
  10. Ela.... thnkz mchoo....

    ReplyDelete
  11. fatta nawaththanna epa machooooooo

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි