Thursday, January 13, 2011

.:: wildcard characters බවිත කරන හැටි ::.

අද කියන්න යන්නේ wildcard characters ගැන. මේවා ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා search කිරීමෙන් යම් දෙයක් හොයාගන්න ඕනේ වුනාම.....අකුරු ගොඩකින් කියන දෙයක් වෙනුවට අපි මේ wildcard characters බාවිතා කරනවා, මේවා බාවිතා කරන විදිහ ගැන පොඩි හැදින්වීමක් කරන්නම්...!
  • asterisk (*) බාවිතා වන අවස්ථා 
* මගින් අපිට පුළුවන් යම් වචනයකට හෝ වචන කාණ්ඩයකට තවත් අකුරු කිහිපයක් එකතු කර සොයාගැනීමක්  (search ) කරන්න 
Access* මේ වගේ search කලොත් අපිට ප්‍රතිපල ලෙස Access123 , Accessnew.....වගේ දේවල් ලබාගන්න පුළුවන් 
*Access* මේ වගේ search කලොත් අපිට ප්‍රතිපල ලෙස MicrosoftAccess  ,  Accessnew ...වගේ දේවල් ලබාගන්න පුළුවන්
  • question mark (?) බවිත වන අවස්ථා 
? මගින් අපිට එක අකුරක් පමණක් ගැලපීමට යොදාගන්න පුළුවන් 
sm?th මේ වගේ search කිරීමක් කලොත් අපිට ප්‍රතිපල ලෙස smith , smath ....වගේ දේවල් ලබාගන්න පුළුවන් 
  • * හා ? ප්‍රයෝගිකව බවිත වන අකර 
*.mp3    සියලුම mp3 files ලබාගැනීමට මෙම ක්‍රමය බවිත කල හැක මිට අමතරව mp3 වෙනුවට bitmap ,wmv .mkv  අඩිය දීමෙන් ඊට අදාල සියලුම ගොනු ලබගතාහක 
(*)*  වරහන් සහිතව ඇති සියලුම ගොනු ලබාගත හැක උදාහණය  (my )pic.jpg ,(abs )document 
(?)* වරහන තුල එක අකුරක් පමණක් ඇති ගොනු උදාහණය (k)abs.mp3 , (2)namelist
liv?.mp3  liv ට පසු එක අකුරක් පණක් ඇති සියලුම mp3 ගොනු 

මේ වගේ ගොඩක් යෙදීම් කරන්න පුළුවන් බව දැන් ඔබට වැටහෙනවා ඇති...මිට පෙර මං පොස්ට් එකක් ලිව්වා file ලේසියෙන්ම හොයාගන්න පුළුවන් සොෆ්ට්වරේ එකක් ගැන..එක නොකියවපු අය මෙතනින් බලන්න....මෙන්න මේ සොෆ්ට්වරේ එකත් සමග  wildcard characters බවිත කරලා ඉක්මනින් හා ලේසියෙන්ම අවශ්‍ය දේ හොයාගන්න පුළුවන් වෙයි....!!!! 

1 comments:

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි