Tuesday, November 16, 2010

.:: Not Responding වලට regedit වලින් ප්‍රතිචාර ::.



Not Respondig මේක com එකක් තියෙන ඕනෑම කෙනෙක් දැකල තියෙන error massage එකක්නේ... මේක ආව වෙලාවට තියෙන ඔක්කොම හිර වෙනවා ඒ ගැනනම්  අලුතින් කියන්න ඕනේ නෑ හැමෝටම  හොද  අත්දැකීම් ඇති.. මොකක් හරි program එකක් not responding කියල වැටුන ගමන්ම සමහර  වෙලාවට program එක end task කරලා දාන්න task maneger එකත් එන්නේ නැතිවෙනවනේ ..ඔන්න ඕකට registry එක edit කරලා පොඩි විසදුමක් දෙන්නයි හදන්නේ..මේකෙදි අපි කරන්නේ මොකක් හරි program එකක් not responding වුන ගමන්ම අපි set කරන time එකට අනුව auto , program එක end task වෙලා යන එක ...මේකෙදි com එක struk කරගන්නේ නැතුව ඉක්මනින් යථාතත්වයට ගන්න පුළුවන්..  වැඩේ කරන්නේ මෙන්න මෙහෙමයි ..   

පියවර 1
start > run > regedit 

පියවර  2
දැන් registry edier එක open වෙයි 
HKEY_CURRENT_USER  > Control Panel > Desktop
පියවර 3
Desktop කියන එක ඇතුලේ තියෙන AutoEndTasks කියන string එකේ value එක 1 ලෙස වෙනස් කර ok කරන්න ඉන්පසුව පහලින් තිබෙන WaitToKillAppTimeout කියන string එකට දෙන්න ඕනේ program එක endtask වෙන්න ඕන time එක (මිලි තත්පර වලින් )    
දැන් වැඩේ හරි..කරලම බලන්නකෝ 
( registry එකේ back up කර ගැනීමට  "file > export " )
අපැහැදිලි නම් රුපය මත click කරන්න 

6 comments:

  1. අම්මේ.... පණ ආවා වගේ දැසනුනා. ස්තුතියි.

    ReplyDelete
  2. ඒක නියම වැඩක් අයියා...බොහොම ස්තුතියි..

    ReplyDelete
  3. ප්‍රතිචාර වලට ස්තුති

    ReplyDelete
  4. විස්ටා වල තියෙන්නේ වෙනස් විදිහකටද? I can't find "AutoendTask...."

    ReplyDelete
  5. එහෙම වෙනසක් වෙන්න විදිහක් නෑ..මෙහෙම key එකක් නැත්නම් key එකක් හදල try කරලා බලන්න

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි