Saturday, June 11, 2016

ශ්‍රි ලංකාවේදී සාර්ථකව නව ව්‍්‍යාපාරයක් පවත්වාගැනයාම සඳහා වැදගත් කරුණු



ශ්‍රි ලංකාවේදී සාර්ථකව නව ව්‍්‍යාපාරයක් පවත්වාගැනයාම සඳහා වැදගත් වන කරුණු


වර්ථමානයේදී නව ව්‍්‍යාපාරයන් වල ඉතාම සීග්‍ර පිබිදීමක් ඇතිවී තිබෙනවා. බොහෝමයක් ආසියානු රටවල විවිධ භාණ්ඩ හා සේවා සපයන්නේ මේ නව ව්‍්‍යාපාරයන් වලිනුයි, ඒ ඔවුන්ට ඒ සඳහා ගැලපෙන අදහස හා අවස්ථාව ඇති නිසාය. ශ්‍රි ලංකාවේද මේ තත්වය වඩාත් වර්ධනය වෙමින් පවතිනවා, මේය ඉදිරි වසර කිහිපය අතුලත දැනට පවතින ව්‍්‍යාපාරය ප්‍රමාණය මේන් තුන් ගුණයක් දක්වා වැඩිවිය හැකි බවට නිගමනය කෙරෙනවා. Daily Mirror  පුවත් සේවයට අනුව 2022 වන විට නව ව්‍්‍යාපාරයන් ගණන 1000 කින් වැඩ් වනවා. සමස්ථයක් විදිහට 2007 වසරෙන් පසු ශ්‍රම බලකායේ 123% වැඩ් වීමක් හා ආදායම් වල 238% ක වැඩිවීමක් ඇතිවී තිබෙනව.


නමුත් මේවයේ අසර්ථක වීමේ ප්‍රමාණය සැලකිල්ලට ගත්විට මේවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීම තරමක් අවදානම් පියවරක්. නමුත් නිවැරදි අදහස් හා හැකියාවන් වල සම්ම්ශ්‍රණයක් තුලින් ව්‍්‍යාපාර සාර්ථක කරගන්න පුලුවන්. අලුතින් නව ව්‍්‍යාපාරයක් පටන්ගන්න අවශ්ය කරුණු කිහිපයකුයි මේ.

1.ඉලක්කගත වෙළඳපොල
පාරිභොගිකයා රජුය යන කියමන ඔබ අසා තිබෙනවා, ව්‍්‍යාපාරයකදී පවත්වාගෙන යමේදී එය ඉතාම වැදගත් කියමනක්. ඔබ පිවිසෙන්නට බලපොරොත්තු වෙන වෙළඳපොල දෙස අවධානයෙන් බැලීම පළමු පියවරයි. දැනටත් ක්‍රියාත්මක වන දෙයක් තරමක් වෙනස් විදිහට කිරීමෙන් නැත්නම් තමන්ගේම ක්ෂේත්‍රයක් සොයාගැනීමේන් ඔබටත් ව්‍්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන්.



වැදගත්ම දෙයක් වන්නේ ඔබේ ඉදිරිපත් කරන දේ පවතින වෙළඳපොලට ගැලපීමයි. ඔබේ අදහස ක්‍රියාත්මක කිරීමේදී මුලින් එහි මූලික දේ ගැන වැඩ් අවදානයක් යොමුකරන්න, පමණට වඩා දේවල් ඔබේ පාරිභෝගිකයින්ට අවුල්සහගත වෙන්න පුලුවන්. Daily Mirror අඩවියට අනුව ශ්‍රි ලංකාවේ අංක එකේ නව ව්‍්‍යාපාරය ලෙස Takas පත්ව ඇත්තේ එහි අති ව්ශිෂ්ට ක්‍රියාකාරීත්වය, ඔවුන් කැමති විදිහකට භාණ්ඩ සඳහා ගේවීම් කළහැකි වීම සහ ඔබ කොහේ හිටයත් ඔබේ දොරකඩටම ඒ භාණ්ඩ ගෙන්වාගැනීමට හැකිවීම නිසායි.


2. තරගකාරීත්වය
ඔබ කොතරම් උත්සාහ කලත් තරගකාරීත්වයට මුහුණදීමට ඔබට සිදුවනවාමයි. සෑම ව්‍්‍යාපාරයකටම දැනට පවතින තරගකාරීත්වයට හෝ ඉදිරියේදී අලුතින් ඇතිවන තරගකාරීත්වයකට හෝ අනිවාර්යෙන්ම මුහුණදීමට සිදුවනවා.
විශේෂණය ඔබේ මන්තරය කරගන්න! ඔබේ පාරිභොගිකයින් දිනාගන්න ඔබේ නිශ්පාදනයට වැඩි යමක් එකතු කරන්න නැත්නම් ඔබේ සපයන සේවාවට එහාගිය සේවාවක් නොම්ලේ ලබාදෙන්න. ඔබේ කෙෂ්ත්‍රයේ අනෙක් අයගෙන් ප්‍රවේසම් වීමට නිතරම වගබලාගන්න. කොටස්වූ වෙළපොලවල්, පැරණි සහ යල්පැනගිය වෙළපොලවල් හෝ ක්‍රමයෙන් හීනවන වෙළපොලවල් තුලත් සාරවත් අවස්ථා තිබිය හැක. විකිණුම්කරුවන් සහ ගැණුම්කරුවන් යාකරන Kayamu එවැනි එක් උදාහරණයක් විදියට දක්වන්න පුලුවන්. විකිණුම්කරුවන් සහ ගැණුම්කරුවන් ලංකරමින් ඔව්න් අතර සම්භන්ධය වැඩි දියුණු කිරීම ඔවුන් කළ විශේෂ දෙයක්.


3. ප්‍රාග්ධනය
නව ව්‍්‍යාපාරයක් ආරම්භ කිරීම හා පවත්වාගේන යාම විශාල අවධානමක්. එවැන්නක් පවත්වාගෙන යාමට හොඳ ආයෝජකයින් සහ නිරන්තරයෙන් මුදල් යෙදවීම අවශ්යයි. වියදම් අඩුකිරීම හා ආදයම් වැඩ්කිරගැනීම මෙහිදී ඔබේ ඉලක්කය විය යුතුයි.
සැලසුමක් හදන්න, මූල්ය විශලේෂණයක්ද  සිදුකර ඔබේ ගමන ආරම්භ කරන්න. බර්ලින් නගරයේ කේන්ද්‍ර කරගත් අන්තර්ජාල ආයෝජන සමාගමක් වන Rocket Internet ආයතනය ලෝකයේ මෙන්ම අසියාවේද නව ව්‍්‍යාපාර විශාල ප්‍රමාණයක් සඳහා මුදල් යොදවා තිබෙනවා. ඕනෑම ව්‍්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදල් ලබාදෙන මේ සමාගම ශ්‍රි ලංකාවේද සිය සේවාවන් ආරම්භ කර තිබෙනවා.


4. කාල නිශ්චය
හැම දේයකටම සුදුසු වෙලාවක් තියෙනවා. ව්‍්‍යාපාර වලදී ඔබේ ව්‍්‍යාපාරය හොදින් ආරම්භ කරන්න ඔබට ලැබෙන්නේ ඉතා කුඩා ඉඩක්. ඔබේ ව්‍්‍යාපාර පටන්ගනේ අලුත් අදහසක් ඒක්කනම් ඔබට එහි මුල් කාලයේදී තරමක් පහසු වෙනවා නමුත් කල්යත්ම තරගකාරීත්වය හා මූල්‍ය මට්ටම අනුව එය ඉතාම අපහසු වැඩක් වෙන්න පුලුවන්. කෙෂ්ත්‍රයේ නැබුරුතා,  තරගකරුවන්, ඔබේ මූල්‍ය මට්ටම, ඔබේ අදහසේ කාලීන බව සැලකිල්ලට ගතයුතු දේවල් වෙනවා.
ඔබ නිතර බැලිය යුතු දේයක් වන්නේ ඔබේ සැලැස්මයි. ඒ ඔස්සේ ගැඹුරින් සිතා ඉදිරියට යා යුතුයි. සෑම දෙයක් ගැනම හොඳ අවධානයක් යොමුකරන්න වේලාව වෙන්කරගන්න.


Special Thanks goes to post writer Biseka Wickramage

Sunday, August 25, 2013

IDM එකෙන් torrent download කිරීම ----- unlimited speed ----- 10.5 GB file loading space -----

IDM එකෙන් Torrent File download කරන්න මුලින්ම තිබුනේ torrific කියන වෙබ් එක මේක නැති වුනාට පස්සේ ගොඩක් site අලුතින් හැදුනත් ඒ හැම එකක්ම ගොඩක් limit දාලා තමයි download කරන්න දෙන්නේ..මේ ලගදී හම්බුනා හොද වෙබ් එකෙක් ටොරන්ට් file download කරන්න... මෙන්න පහල තියෙනව වැඩේ කරගන්න විදිහ පැහැදිලිව..මෙන්න මේවා තමයි මේ site එකේ තියෙන විශේෂත්වය 

10.5GB දක්වා torrent file load කිරීමේ හැකියාව තියෙනවා..
file එක හොද speed එකකින් download කිරීමේ හැකියාව..(no speed limitation)

Zbigz download speed 100kbps-150kbps
yur.me download speed 200kbps-25kbps

මේ තමයි මගේ download වෙන speed එක...

මුලින්ම මෙන්න මේ වෙබ් එකට යන්න    (site එක තාවකාලිකව ඉවත් කර ඇත https://filestream.me/ උත්සහ කරන්න )

register වෙලා account එකක් හදාගන්න 

මෙන්න මේ box එකට torrent file එකේ link එක past කරන්න..එහෙම නැත්නම download කරගත්ත torrent file එක drag කරලා දාන්න
 දැන් මෙන්න මේ විදිහට link එක add වෙනවා..මේකට ටික වෙලාවක් යනවා






profile >> My Albums වලට යන්න .....

එතැනදී දැනට add කරල තියෙන torrent file ටික බලාගන්න පුළුවන්...

upload කියන තැන තියෙන link එක click කරලා බලාගන්න පුළුවන් දැනට අපේ file එක load වෙලා තියෙන ප්‍රමාණය...

torrent file එක load වෙලා ඉවර වුනාම මෙන්න මේ විදිහට බලාගන්න පුළුවන්....ඕන නම් අවශ්‍ය file එක විතරක් download කරගන්න පුළුවන් ..නැත්නම් file එක zip කරලා download කරගන්නත් පුළුවන්...





download  කියන link එක click කරලා file එක zip කරගන්න පුළුවන්
 




මේ video එකේ තියෙනවා මේ වගේ torrent download කරගන්න පුළුවන් server එකක් හදාගන්න විදිහ. මේක නම් කරලා බැලුවේ නෑ. මේක කරලා බලන්න windows vps එකක් ඕන කරනවා....vps එකක් තියෙන කෙනෙක් ඉන්නවනම් කරලා බලලා කියන්න.... 



එහෙනම් අදට සමුගන්නවා...අලුත් පොස්ට් එකකින් අපහු හමුවෙමු...ජය වේවා !!!!!!

Thursday, July 18, 2013

Photoshop වල වැඩ ස්වයන්ක්‍රියව (automatically) කරගන්න action script සහ javascript

කාලෙකින් ආපහු අවා post එකක් දාලා යන්න. අද කියල දෙන්න හදන්නේ තවත් අලුත් දෙයක් ඒ photoshop වල සුපිරිම වැඩ කැල්ලක් ගැන, වැඩි කතා නැතුව එන්නම්කෝ මාතෘකාවට වැඩේ ගැන පැහැදිලි කිරීමක් කරන්න මං ගන්නම් මෙන්න මෙහෙම උදාහරණයක්, මං ලග තියෙනවා 800*400 image 100ක් මට ඕනේ මෙන්න මේ image ටික re-size කරන්න 400*200 වැඩේ ටිකක් සංකීර්ණයි නේද? image එකින් එක open කරලා re-size කරන්න ඕනේ. මෙන්න මේ වගේ වැඩක් තත්පර 10න් කරගන්න පුළුවන් මෙන්න මේ script බාවිත කරලා...මුලික වශයෙන් script වර්ග දෙකකට වෙන කරන්න පුළුවන් action script & javascript

action script බාවිත කරලා මං කලින් කියපු උදාහරණෙ වගේ ඒවා කරගන්න පුළුවන්, ඒත් ලොකු ලොකු වඩා කරන්න බැ..action script ගැන මීට කලින් trickslanka.com  වෙබ් අඩවියේ ලිපියක් පළවුණා නමුත් දැන් නම් එම ලිපිය නැහැ, මං මේ ලිපියේදී කියන්න බලාපොරොත්තු වෙන්න java script වලින් script හදාගන්න විදිහ මේකෙදි පුළුවන් ලොකු ලොකු වැඩකරන්න java script ගැන මුලික දැනුමක් අවශ්‍ය වෙනවා මේ වැඩේ කරගන්න. මේ තියෙන්නේ මම  java script ගැන ලියපු ලිපි කිහිපයක් මේ ලිපි පෙල අවසන් කරන්න නම් වුනේ නෑ 

action script 

simple action script එකක් හදමු..එතකොට තේරුම් ගන්න පුළුවන් මේවා වලින් වඩා ගන්නේ කොහොමද කියල 

photoshop වල action script active ගන්න 



action menu එක මෙන්න මේ වගේ open කරගන්න 

ඊට පස්සේ folder එකක icon එකක් තියෙනවා ඒක click කරලා set එකක් හදාගන්න . මේ set එකක් කියන්නේ folder එකක් වගේ මේක ඇතුලේ තමයි අපි හදන script එකේ හදන action save වෙන්නේ..


දැන් අපි හදාගත්ත set එක ඇතුලේ අපේ action ටික හදාගන්න ඕනේ. එකට කරන්න තියෙන්නේ set එක හදාගන්න click කල icon එකට right side එකේ තියෙන icon එක click කරලා action create කරගන්න පුළුවන්. රුපයේ ආකාරයට action එක හදාගෙන record කියල button එක click කරලා අපේ වැඩේ පටන් ගන්න පුළුවන් 

record on වුනාට පස්සේ මෙන්න මේ වගේ තමයි අපිට පෙන්නේ 

දැන් කරන්න තියෙන්නේ record කරන්න ඕන වැඩේ....මං සරල වැඩක් කරන්නම්
අලුත් layer එකක් හදාගෙන එක text එකක් add කරලා එකට color එකකුත් දාලා මගේ වැඩේ ඉවර කළා...දැන් අපහු action script menu එකට ගිහිල්ල stop එක click කරන්න.. දැන්  script එක හැදිලා ඉවරයි එක check කරලා බලන්නේ මෙන්න මෙහෙමයි. අපි හදපු document එක close කරල දාන්න..අපි හද ගත්ත script එකේ action එක select කරලා play කරල බලන්න මොකද වෙන්නේ කියල..ඔන්න ඕක තමයි සරලව මේකෙදි වෙන්නේ ..මේ වගේ නිතරම අපිට බවිත වන පොඩි පොඩි කොටස් record කරගෙන තියාගෙන අපේ වඩා ඉක්මනින් කරගන්න පුළුවන් .....

තව පොඩි අවස්ථාවක් මේ විදිහට කරලා පෙන්වන්නම්...මං උදහරනේදී කිව්වා image 100 re-size කරන කතාවක් එකෙති අපිට image open කරගන්න එක resize කරන එක save කරල close කරන එක, එක් වරක් කරලා අපි එක කලින් වගේ record කරනවා..


දැන් ඉතුරු image මේ ටිකම කරන්න ඕනේ නෙ..අන්න එකට මෙන්න මේ script එක බවිත කරන්න පුළුවන්..නමුත් මෙතැනදී මේ අපි හදාගත්ත script එක loop එකක් විදිහට image තියෙන ප්‍රමාණයට නැවත නැවත run වෙන්න ඕනේ එක කරගන්නේ මෙන්න මේ විදිහට 

මෙතන set එක විදිහට අපේ script එක තියෙන set එක select කරන්න 
action එක විදිහට අපිට නැවත නැවත කරන්න ඕනේ action එක select කරලා දෙන්න 
දැන් අපි ඉතුරු image ටික තියෙන තැන select කරල දෙන්න ඕනේ , එකට කරන්න තියෙන්නේ choose කියන එකෙන් image folder path එක select කරලා දාන එක....ඊට පස්සේ ok කරන්න image සිල්ලම අපි හදපු script එකේ විදිහට වඩා කරලා අපි save කරපු තැනම save වෙනවා....

 මෙන්න මේ විදිහටයි action script එකේන් වඩා ගන්නේ..නමුත් මෙන්න මේ action script වලින් අපිට අවාසියක් තියෙනවා, මෙන්න මෙහෙම හිතමුකෝ අපි කලින් හද ගත්ත script එකේ image තියෙන path එක වෙනස් කරන්න ඕනේ, ඊට අමතරව resize කරන size වෙනස් කරන්නත් ඕනේ ..මෙන්න මේ වෙනස් කම් ටික කරගන්න නම් අපිට අපහු action script එකක් record කරගන්න වෙනවා. මේකට විසදුමක් විදිහට තමයි javascript බවිතා කරන්නෙ ..මේ මන් කිව්වේ ඉතා සරල අවස්ථාවක් ඊට වඩා ගොඩක් දේවල් කරගන්න පුළුවන් ...අනික loop එකක් run කරන්න ඕන අවස්ථාවට කලින් කල වගේ batch file හදාගෙන දගලන්න ඕනේ නෑ එකත් coding කරල ලෙසියෙන්ම වැඩේ ගොඩ දාගන්න පුළුවන්..javascript එක run කරලා බලන් ඉන්න විතරයි තියෙන වැඩේ ලස්සනට වෙලා තියෙයි...

Javascript

ඕනෑම text editor එකක් මේ සදහා අපිට බවිත කරන්න පුලුවන් නමුත් adobe වලින් මේ සදහා අපිට දීල තියෙනවා tool එකක් මේ tool එකන් photoshop වලට විතරක් නෙමේ ඕනෑම adobe product එකක් සදහා java script ලිය ගන්න පුළුවන්..ලියන විදිහත් එකමයි වෙනස් වෙන්නේ keyword විතරයි...ඇත්තටම මේ ගැන සම්පුර්ණයෙන් කියල ඉවරකරන්න අමාරුයි..මේ post එකෙන් මන් බලාපොරොත්තු වෙන්නේ මේ සම්බන්දව දල අදහසක් දෙන්න සහ සරල වැඩක් කරගන්නේ කොහොමද කියල කියල දෙන්න පමණයි..

adobe package එක install කරනකොටම මන් කලින් කිව්වා tool එකත් install වෙනවා එහෙම නැත්නම් මෙතනින් download කරගන්න (5Mb)  මීට අමතරව අපිට අවශ්‍ය වෙනවා adobe javascript guide එක ඔයාල ලග තියෙන photoshop version එකට අදාල එක මෙතතින් තෝරාගෙන download කරගන්න

දැන් අපේ tool එක open කරගන්න..මෙන්න මේ ආකාරයට අපි script එක run කරන්න බලපොරොත්තු වන photoshop version එක select කරන්න


දැන් අපි මේ tool එක photoshop වලට link කරන්න ඕනේ , එකට කරන්න තියෙන්නේ රතු  පාටින් පෙනෙන link එක උඩ click කරන්න එක 

ඊටපස්සේ මෙන්න මේ වගේ massage එකක් එනවා එක yes කරලා photoshop එක open කරගන්න

 ඊටපස්සේ තමයි ලොකුම වැඩේ තියෙන්නේ script එක ලිය ගන්න එක..tool එකෙන් තියෙන වාසිය තමයි script ලියනකොට මේකේ තියෙන code library එකෙන් අපිට code suggest කරනවා

කලින් download කරගත්ත adobe javascript guide එකෙන් අපිට හැම code එකම හොයාගන්න පුළුවන්...එහෙනම් වැඩේ try කරල බලන්න..ඉල්ලීමක් තිබුනොත් code කන හැටිත් මං ඉදිරියේ ලිපියකින් කියල දෙන්නම්..මෙන්න තියෙනවා මං හදපු පොඩි java script එකක්..මේකෙන් වෙන්නේ අපි select කරන folder එකේ තියෙන image අරගෙන image stack එකක් හදනවා...script එක run කරලම් බලන්නකෝ වැඩේ හරිම පහසුයි...තවදෙයක් මෙන්න මේ වගේ ඒවානම් action script එකෙන් හදන්නවත් බෑ..දැන් ත්රුම් ගන්න පුළුවන්නේ මෙකක්ද හොද කියල ????

script එක run කරන්නේ මෙන්න මේ විදිහට


browse කරලා script එකක් load කරලා බලන් ඉන්න....ටික වෙලාවකින් alert එකක් එනවා එතනට image තියෙන folder එකක් select කරලා ok කරන්න...මන් code කරලා තියෙන විදිහනම් ටිකක් අපැහැදිලි තේරුම ගන්න try කරල බලන්නකෝ බැරි වෙන එකක් නැ

script එක download කරගන්න

ප්‍රශ්න තියෙනවනම් comment කරන්න පුළුවන් විදිහට විසදුම් දෙන්නම් ....තාක්ෂණික ලිපි ලියන්න කැමති ය ඉන්නවනම් මගේ blog එකෙක් ඔයාලට තැනක් දෙන්න මට පුළුවන්..contact form එකෙන් ඔයාලට පුළුවන් මං සමග සම්බන්ද වෙන්න...

හැමතැනම අන්තර්ජාලයෙන් මුදල් සෙවීම ගැන තමයි මේ දවස් වල කතා වෙන්න ටිකක් කල්පනා කලොත් මේ පොස්ට් එකෙනුත් වැඩක් අරගෙන ගානක් හොයාගන්න පුළුවන්.....
එහෙනම් සමුගන්නවා අපහු අලුත් ලිපියකින් හමුවෙමු
ජයවේව !!!







Wednesday, February 13, 2013

Google play store එකේ තියෙන android apps pc/lap එකට download කරගමුද ?

ගොඩක් දෙනෙක් android සමග ඉන්න නිසා අදත් කියන්නේ android බාවිත කරන අයට වැදගත් වෙන දෙයක් ..අපි android වලට app එකක් ලබගන්නවනම් ඒක බොහෝ විට කරන්නේ Google play store එකත් එක්ක සම්බන්දවෙලා...කෙනෙකුට pc/lap එකක් මගින් direct මෙහි ඇති apps download කරගන්න බෑ..android device එකක් හරහා තමයි අපිට apps ලබාගන්න වෙන්නේ..අද කියල දෙන්නේ ඔන්න ඔය වැඩේට විසදුම..Google play store එකේ තියෙන apps pc/lap එකට download කාරගන්න විදිහ..පළමුවෙන්ම ඒ සදහා වෙන්වුන පොඩි software එකක් ගන්න වෙනවා මෙතනින් එකක් අරගන්න....install කරගන්න අවශ්‍ය වෙන්නේ නෑ..extract කරලා run කරන්න තියෙන්නේ...

real APK leecher.exe එක run කරන්න 

මෙන්න මේ වගේ window එකක් එනවා..ඔයාලගේ email එක ලබාදෙන්න..e mail එකේ password එක ලබාදෙන්න..device id එක සදහා ඔයාලගේ android device එකේ id එක තමයි ලබාදෙන්න ඕන...  *#*#8255#*#* මෙන්න මේ code එක dial කරලා device id එක ලබාගන්න පුළුවන්..එහෙම බැරි නම්..ඔයාලගේ android device එකෙක් device id  app එක download කරගන්න..ඒ app එකෙන් පුළුවන් id එක ලබාගන්න....download කරන apps save කරන්න ඕන path එකත් browse කරලා දෙන්න..දැන් save කරන්න .



දැන් මෙන්න මේ වගේ window එකක් open වෙයි...ඊටපස්සේ කරන්න ඕනේ ටික දන්නවනේ.....


ඔය විදිහට download කරගන්න apps android device එකකට install කරන්න නම් unknown source active කරගත යුතු වන අතර file manager app එකක් device එකේ තිබිය යුතුයි... 




Tuesday, February 12, 2013

android device එක wifi වලින් lap එකට connect කරලා dongle එකෙන් internet යමුද ?

කාලෙකින් ආපහු බ්ලොග් එක පැත්තේ ආවා.....android බවිත කරන යට වැදගත් වන දෙයක් තමයි අද කියන්න හදන්නේ...android හෝ වෙනත් ඕනෑම device එකක් wifi වලින් connect කරලා internet යන්න පුළුවන් විදිහක් තමයි අද කියන්නේ... software බාවිතා කරලා මේ වැඩේ කරගන්නත් පුළුවන්, එත් මේ ක්‍රමයේදී කිසිම සොෆ්ට්වරේ එකක් බවිත කරන්නේ නැතුව තමයි වැඩේ කරගන්න හදන්නේ...network and sharing center එකේ ad hoc එකක් හදල wifi වලින් connect කරලා internet share කරන්න පුළුවන් ඒත් එහෙම internet connect කරන්න පුළුවන් තවත් pc එකක් හෝ lap එකක් විතරයි..android device සදහා mini wifi එක active කරගන්න ඕනේ, ඒක කරගන්න විදිහ තමයි අද කියල දෙන්නේ...

පියවර 1

command prompt එකේ shortcut එකක් desktop එකට දාගන්න, එක උඩ right click කරලා run as administrator click කරන්න 
මෙන්න මේ වගේ එකක් open වෙයි 
පියවර 2

netsh wlan set hostednetwork mode=allow ssid=MyWIFI key=mypassword

මේ කොටස type කරලා enter කරන්න , ඊටපස්සේ  පහත ආකාරයේ කොටසක් දැකගන්න පුළුවන් 
දැන් CMD එක close කරන්නේ නැතුව තියාගන්න....


පියවර 3

දැන් පහත රූප සටහන් අනුගමනය කරන්න >> open network and sharing center එකට යන්න 


පියවර 4

change adapter settings       click කරන්න 



පියවර 5

internet connect වෙන්න භාවිතා කරන connection එක උඩ right click කරලා properties වලට යන්න 




පියවර 6

sharing වල තියෙන check box එක check කරන්න 



මෙන්න මේ වගේ massage එකක් එනවා ඒක ok කරන්න 


පියවර 7

home networking connection එකේ තියෙන wireless network connection 2 කියන එක select කර ok කරන්න  




පියවර 3

 දැන් ඔබ බවිත කරන connection එකක් මගින් internet වලට connect වෙන්න
CMD එක on කරගන්න..පහත code එක enter කරන්න 

netsh wlan start hostednetwork

connection එක stop කරන්න ඕනෙනම් පහත සදහන් code එක enter කරන්න 
netsh wlan stop hostednetwork





දැන් වැඩේ ඉවරයි..  connection වල MyWIFI කියල එකක් තියෙනවනම් වැඩේ හරි ....




 device එකේ wifi on කරලා search කලාම අපි හදපු wifi එක බලාගන්න පුළුවන්..ඔබ ලබාදුන්න password එක ලබා දෙන්න, දැන් ඔබේ  device එකෙන් lap එකක් හරහා internet connect වෙන්න පුළුවන්...එහෙනම් වැඩේ කරලම බලන්න..ජය වේවා !!









Friday, September 21, 2012

gmail address එකෙ අකුරු 10න් facebook account 50 ක් සහ twitter account 50 ක් හදමුද ?

හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙන ඕනෙනම් fiverr වලින් ගාණක් හොයාගන්න පුළුවන් වැඩක් තමයි අද කියල දෙන්න හදන්නේ...දැන් හැමකෙනෙක් ලගම mail account තියෙනවනේ දන්නවද එ එක mail address එකෙන් ගොඩක් mail address හදාගන්න??? දන්න අයත් ඇති නැති අයත් ඇති හැමෝටම දැනගන්න අද කියන්නයි හදන්නේ.."gmail address එකෙ අකුරු 10න් facebook  account 50 ක් සහ twitter account 50 ක් හදමුද ?" මෙන්න මේ කතාවම ගන්නම්කො වැඩේට...

mail address එකක් තියෙනවා අකුරු 10යි (abcdefghij@gmail.com)
හැම අකුරක්ම (dot) එකකින් වෙන කලාම එක තවත් අලුත් email එකක් විදිහට තමයි facebook/twitter වලින් අදුන ගන්නේ..එ කියන්නේ මෙන්න මේ පහත තියෙන email address ඔක්කොම facebook/twitter වලින් ගන්නේ අලුත්ම ඒවා විදිහට එ හැම එකකින්ම අපිට අලුත් account හදන්න පුළුවන් නමුත් එ හැම එකකම ප්‍ප්‍රධානියා වෙන්නේ මෙන්න මේ address එකයි.. abcdefghij@gmail.com තේරෙන සිංහලෙන්ම කිව්වොත් මේ පහල තියෙන ඕනෑම address එකකට mail එකක් send කලොත්  එක එන්නේ අපේ ප්‍රධාන email එකටයි abcdefghij@gmail.com 

මේ තියෙන්න mail set එක 

.abcdefghij.@gmail.com
.abcdefghij@gmail.com
.a.b.cdefghij.@gmail.com
.a.b.cdefghij@gmail.com
.a.b.c.d.efghij.@gmail.com
.a.b.c.d.efghij@gmail.com
.a.b.c.d.e.f.ghij.@gmail.com
.a.b.c.d.e.f.ghij@gmail.com
.a.b.c.d.e.f.g.h.ij.@gmail.com
.a.b.c.d.e.f.g.h.ij@gmail.com
.abcdefghi.j@gmail.com
.abcdefghi.j.@gmail.com
abcdefghi.j.@gmail.com
.abcdefg.h.i.j@gmail.com
.abcdefg.h.i.j.@gmail.com
abcdefg.h.i.j.@gmail.com
abcdefg.h.i.j@gmail.com
.abcde.f.g.h.i.j@gmail.com
.abcde.f.g.h.i.j.@gmail.com
abcde.f.g.h.i.j.@gmail.com
abcde.f.g.h.i.j@gmail.com
.abc.d.e.f.g.h.i.j@gmail.com
.abc.d.e.f.g.h.i.j.@gmail.com
abc.d.e.f.g.h.i.j.@gmail.com
abc.d.e.f.g.h.i.j@gmail.com
.a.b.c.d.e.f.g.h.i.j@gmail.com
.a.b.c.d.e.f.g.h.i.j.@gmail.com
a.b.c.d.e.f.g.h.i.j.@gmail.com
a.b.c.d.e.f.g.h.i.j@gmail.com
abcdefghij.@gmail.com
abcdefghi.j@gmail.com
abcdefgh.ij@gmail.com
abcdefg.hij@gmail.com
abcdef.ghij@gmail.com
abcde.fghij@gmail.com
abcd.efghij@gmail.com
abc.defghij@gmail.com
ab.cdefghij@gmail.com
a.bcdefghij@gmail.com

මෙන්න මේ වගේ ඔයාගේ email list එක බාවිතා කරලා facebook/twitter account හදාගන්න පුළුවන්..ඔය ඕනෑම mail එකක් භාවිතකරලා mail account එකට log වුනම, එ log වෙන්නේ ප්‍රධාන mail account එකටම තමයි..mail එකේ තියෙන තියෙන අකුරු ගණන අනුව තමයි හදාගන්න පුළුවන් emails ගණන ගණන තීරණය වෙන්නේ. මං මේ උදහරනෙට ගත්තේ අකුරු 10 ක mail එකක් අකුරු 15 ක් විතර උනානම් email list එක මිට වැඩ වැඩි වෙනවා එක තේරෙනවා ඇතිනේ...

දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේ ලිස්ට් එක හරියට හදාගන්නේ කියන එක. එකටත් පොඩි වැඩක් තියෙනවා මෙන්න මේ Backlink Skyrocket එක download කරගන්න ඊටපස්සේ කරන්න ඕන ටික මෙන්න මේ image එකෙන් තේරුම් ගන්න පුළුවන්

අපැහැදිලිනම් රුපය මත click කරන්න 
ටිකක් කල්පනා කලොත් fiverr ඒකත් එක්ක set වෙලා මේ වැඩෙනුත් ගාණක් හොයාගන්න පුළුවන් නේද ?
fb fiverr help group ඒකත් එක්ක මෙතනින් set වෙන්න 
මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment කරන්න ...එහෙනම් අදට සමුගන්නවා, තවත් අලුත් post එකකින් හමුවෙමු...

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි